தமிழ்
English
Contact
Sunday 5th May 2019    
හුස්ටන් නගරය ජලයෙන් යටවේ, 15 දෙනෙකු මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හුස්ටන් නගරය ජලයෙන් යටවේ, 15 දෙනෙකු මියයති



පසුගිය සිකුරාදා දින එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය හරහා හමා ගිය දැඩි චණ්ඩ මාරුතයත් ඉන් පසුව ඇද හැළුණු වර්ෂාවෙන් මේ වනවිට හුස්ටන් නගරයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ජලගැලීම් හේතුවෙන් පුද්ගලයෝ 15 දෙනෙකු මියගොස් ඇතැයිද වාර්තාවේ. එක්සත් ජනපදයේ හතරවන විශාලතම නගරය වන හුස්ටන් නගරයේ මේ වනවිට රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැණවීමට බලධාරීන්ට සිදුව ඇත. නගරයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යටවීමත් සමග සොරුන් විසින් ජනතාව අතහැර ගිය දේපළ කොල්කෑම නිසා ඇදිරිනීතිය පැණවීමට පියවර ගෙන ඇති බව හුස්ටන් නගරාධිපතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

පසුගිය සිකුරාදා සිට ඇදහැළුණු වර්ෂාවෙන් සෙන්ටිමීටර් 132ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත් එය හුස්ටන් නගරයේ වාර්තාගත වර්ෂාපතනයක් ලෙස සදහන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද වන විට පීඩාවට පත් ජනතව දහස් ගණනක් අවතැන්වූ වන් ලෙස තාවකාලික ස්ථානයක් වෙත ගොස් තිබේ. අපදා කටයුතුවල නිරතවූවන් විසින් පුද්ගලයෝ 13,000කට අධික පිරිසක් මුදවාගැනීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ.