தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
"ආර්ථිකයට අවිණිශ්චිතභාවය ආවෙ නීති විරෝධී ආණ්ඩුව නිසා" - රනිල් වික්‍රමසිංහ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“ආර්ථිකයට අවිණිශ්චිතභාවය ආවෙ නීති විරෝධී ආණ්ඩුව නිසා” – රනිල් වික්‍රමසිංහ



රට ආර්ථික වශයෙන් අර්බුදයට යැවීමේ තත්වයක් ඇතිකළ බවට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල කර තිබේ.
2018 වසරේ මුල්කාර්තුව සදහා වන රජයේ වියදම් පියවන්නට අතුරු සම්මත ගිනුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැතිවරයා පවසා තිබුණේ ඔක්තෝබර් 26 වැනිදා නීති විරෝධී ආණ්ඩුවක් පත්කිරීමේ තත්වය නිසා දෙසැම්බර් මාසයෙන් පසුව රටේ වියදම් සම්බන්ධ අවිනිශ්චිතතාවක් ඇතිකළ බවද ඒ නිසා රාජ්‍ය ආයතනවල වැටුප් ‍ගෙවීමේ සිට සියල්ල අක්‍රියවීමේ තත්වයක් උද්ගත වූ බවය.
අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මෙසේය
“අපි නොවැම්බර් 05 අයවැය ඉදිරිපත් කරන්නයි තිබුණේ. නමුත් මේ ප්‍රශ්නය නිසා එය ඉදිරිපත් කරන්න බැරි වුණත් එක දෙයක් පැහැදිලි වුණා. ඒ තමයි මුදල් පාලනය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් කියන එක. වෙන කාටවත් මුදල් පාලනය කරන්න බෑ. විශ්වාසභංගය සම්මත වූ නිසා ආණ්ඩුව විසුරුවා හැරියා ලෙසයි. අපි මේවා පිළි අරගෙන තමයි වැඩ කළ යුත්තේ.
අතුරු සම්මත ගිණුම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියවරක්. පාර්ලිමේන්තුව නීති විරෝධීව විසිරුවා හැරිය නිසයි අතුරු සම්මත ගිණුම ගේන්න වෙන්න. පාර්ලිමේන්තුව විසිරුවා හැරියා නම් ජනවාරි 1 වැනි දා සිට වැටුප් ගෙවන්න හම්බෙ වෙන්න නෑ. සංවර්ධන වැඩසටහන් ගණනාවක් නැවතුණා. ගම්පෙරලිය නැවතුණා. එය යළි ආරම්භ කරන ලෙස මම ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා. මේ අවුරුද්දේ අවසන් කරන්න තිබුණු දේවල්. “