Posted on 01.17.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනවාරි මස රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ සැලසුම්ගත විදේශ මුදල් ප්‍රමාද වීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහබැංකුවෙන් රුපියල් කෝටි 9000ක් ලබාගෙන තිබේ.
භාණ්ඩාගාර බිල්පත් මිලයට ගැනීම් ලෙස මෙලෙස මුදල් නිකුත් කිරීමට සිදුව ඇති බවද රජයේ ණය ලබාගැනීම් සාක්ෂාත් වූ පසු එම ගනුදෙනුවේ කොටසක් පෙබරවාරි මාසයේදී ගෙවීමටත් ඉතිරි කොටස මේ වසරේ පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් පියවර ගන්නා බව මුදල් අමාත්‍යංශය පවසයි.
මේ නිසා විදේශ සංචිත පහත වැටීමද රුපියල තවදුරටත් ඇද වැටීමද අතුරු පල ලෙස සිදුවන්නට නියමිතය.