Posted on 11.01.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගතය හා ණය අර්බුදය නිසා රටේ ආර්ථිකයේ ඉදිරි කාලයේ මහත් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් 1970-77 යුගයට සමාන දුෂ්කරතා විඳින්නට ජනතාවට සිදුවනු ඇති බවත් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන පවසයි.
ගෙවුම් ශේෂ හිගය පියවීමට ජනතාව මත බර පැටවීමට සිදුවන නිසා ආනයන සීමාවන් ඇති කිරීමටද සිදුවනු ඇති බව ඔහු පවසයි. පෞද්ගලික රූපවාහිනි සේවයකට අදහස් දක්වමින් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා මේ කරුණු ඉදිරිපත්කර ඇත.
රාජ්‍ය ණය ගෙවීමට සිදුවන නිසා ආනයන පාලනයක් ඇති කරමින් 70-77 යුගයේ පැවති භාණ්ඩ හිගයට සමාන තත්වයක් ඇතිවනු ඇති බව ඔහු පවසයි. එසේ වුවද හැකියාවක් සහිත පිරිසට කෙසේ හෝ භාණ්ඩ පරිභෝජනයේ වරප්‍රසාද ඇති වුවද සාමාන්‍ය ජනයාට දුෂ්කරතා විඳින්නට සිදුවනු ඇත.