Posted on 11.01.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වන විට උග්‍ර වෙමින් පවතින කොරෝනා වසංගතයෙන් රට මුදාගැනීමට දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය ගායනා කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ බෞද්ධ භික්ෂුන් වෙත ඉල්ලීමක් කර ඇත.
වත්මන් ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂගේ වගකීම වන්නේ ආගමික කටයුතුවලට අවධානය යොමු කිරීමට වඩා ප්‍රායෝගික වශයෙන් වසංගතය වැලැක්වීම සඳහාවන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමය. ආණ්ඩුව විසින් මේ සඳහා නායකත්වය දීමේදී ජනාධිපති සහ අගමැතිවරයා සතු වගකීම විශාලය. ජනතාවගෙන් එකතු කර ගන්නා බදු මුදල් සෞඛ්‍ය සේවය පුළුල් කිරීම සඳහාත්, ජනතා සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහාත් යෙදවීම මේ අවස්ථාවේ ප්‍රධාන කාර්යයක්ව තිබේ.
එහෙත් දැනටමත් ප්‍රකාශිත ආණ්ඩුවේ විසර්ජන පනත් කෙටුම්පත අනුව, 2021 අයවැයේ සෞඛ්‍ය සේවය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 158ක් පමණි. එය පසුගිය වසරට සාපේක්ෂව ග්තතද බිලියන 20කින් කප්පාදු කර ඇත. වසංගත තත්වය ව්‍යාප්තවීම ශිඝ්රවී ඇති පසුබිමක සාමාන්‍ය තත්වයකදී රට තුළ පවතින දැඩි සත්කාර ඇඳන්, ස්වසන ආධාරක, PCR යන්ත්‍ර, ඖෂධ, වෙනත් වෛද්‍ය උපකරණ හා කාර්ය මණ්ඩල කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා බලධාරින් මේ සම්බන්ධ අඩුපාඩු වසන් කරමින් සිටින අතර සෞඛ්‍ය සේවකයන් සිය රැකියාවේ වගකීම පවා ඉටු කිරීමට අපහසු උපකරණ හා මානව සම්පත් හිගය ගැන එළි පිට අදහස් පළ කරති. සිය කප්පාදු පිළිවෙත නිසා උද්ගතව ඇති ඇත්ත ප්‍රශ්න ජනතාව හමුවේ අනාවරණය නොකර පාලකයන් ජනතාවට යෝජනා කරණුයේ රතන සූත්‍රෙයන් වසංගතය පාලනය කරන ලෙසය.