Posted on 11.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දිනකට 700 සීමාව පැන ඇති බැවින් මගහැරී යන සෞඛ්‍ය පිළිවෙත් නැවත අවධානයට ගත යුතු බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනතුරු අඟවා ඇත.
මේ වනවිට නිරීක්ෂනය වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළ යමින් පැවතීම ඉදිරියේදී තවත් වැඩිවිය හැකි හෙයින් සෞඛ්‍ය පුරුදු නිසියාකාරව අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ ඇමතිවරිය සමහරුන්ට අද මූලික සෞඛ්‍ය නීති පවා අමතකවී ඇතැයිද ප්‍රකාශ කළාය.
විශේෂයෙන්ම විවිධ උත්සවවලදී ජනතාවගේ හැසිරීම සතුටුදායක නැති බවත් සමහරුන් මුව ආවරණ පවා නොපැළඳ ඒවායේ කටයුතු කරන තත්වයක් පෙනෙන්නට ඇති බවත් ඇය සඳහන් කළාය.
රට විවෘත කර ඇති හෙයින් මෙවැනි තත්වයක් ඇති විය හැකි වුවත් ජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම අවදානම් තත්වය අවම කර ගත හැකි බවද ඇය කීවාය.
කෙසේවෙතත්, පසුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය වූ පොදුජන පෙරමුණේ උත්සව මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ උත්සව වලදී කිසිදු නිරෝධායන පිළිවෙතක් අනුගමනය නොකරමින් රජයේ සෞඛ්‍ය අධ්යක්ෂවරයාගේ නියෝග පවා තකුටුටුවකට මායිම් නොකර කටයුතු කළ බව සමාජ අවධානයට ලක් විය. මෙරට කොරෝනා වසංගතය දැඩි ලෙස ව්‍යාප්ත වීම සිදුවී වසංගත රැල්ලක් ඇති කළ සෑම අවස්ථාවකම ආණ්ඩුව හා රාජ්‍ය නායකයා අනුගමනය කළ පිළිවෙත් හේතුවෙන් හා ඊට සමාන්තරව ජන සමාජයට සෞඛ්‍ය පිළිවෙත් අවධානයෙන් ගිලිහී යාම සිදුව ඇති බව නිරීක්ෂකයන්ගේ අදහසයි. ආසන්නම අවස්ථාව වූ පසුගිය තුන්වන වසංගත ව්‍යාප්ති අවස්ථාව, අප්‍රේල් අවුරුදු සමය තුළ ආණ්ඩුව විසින්ම සියල්ල අත්හැර විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පවා ගණනට නොගෙන පවත්වා ගෙන ගිය ප්‍රතිපත්තිය නිසා ඇති වූ වළක්වා ගත හැකිව තිබුණු තත්වයකි.