Posted on 11.30.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ හඳුනාගත් නවතම ප්‍රභේදය වන ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තියේ සිඝ්රතාව මෙන්ම සිදුකරන බලපෑම නිසා ලෝකයට තර්ජනයක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.
නොවැම්බර් 24 වැනිදා දකුණු අප්‍රිකාවෙන් හඳුනාගන්නා ලද මෙම ප්‍රභේදය මේ වනවිටත් නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඔ්ස්ට්‍රේලියාව වැනි රටවලට ව්‍යාප්ත වී ඇත.
කෙසේවෙතත්, මෙම ප්‍රභේදය විසින් රෝගීන්ට සිදුකරන බලපෑම සම්බන්ධ තවමත් පර්යේෂනාත්මක වාර්තා ඉදිරිපත්ව නැත. ලංකාවේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීමෙන් සිදුකරන බලපෑම සම්බන්ධ සෞඛ්‍ය බලධාරින් හෝ දේශපාලන බලධාරින් පියවර ගෙන නැති බවද නිරීක්ෂනයට ලක් වේ.