ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරග කණ්ඩායම තෝරා අවසන්!

හොංකොංහිද පැවැත්වීමට නියමිත 3 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන ලංකා කණ්ඩායම හෙට (13දා) පිටත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

2017 තායිලන්තයේ පැවැති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ලංකා කණ්ඩායම එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය. මාර්තු මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන 3 වැනි ආසියානු මළ ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට 13 දෙනකුගෙන් යුත් දක්ෂයන් කණ්ඩායමක් තෝරා ගන්නා ලද්දේ ජනවාරි 19දා
සුගතදාස පිටියේ පැවැති තේරීම් තරගාවලියේදීය. 18න් පහළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් එහිදී තෝරාගත් අතර, ආසියානු යොවුන් තරගාවලියට අවශ්‍ය කඩඉම පසුකළ එකම ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ කවපෙත්ත හා හෙල්ල තරග ඉසව් සදහා තෝරාගත් රුමේෂ් තරංගය. මීටර් 1500 කාන්තා තරගයට ඉදිරිපත්ව සිටින ශාමිකා ලක්‍ෂානි හා මිශ්‍ර සහාය ඉසව්ව සදහා ඉලක්ක තබා ඇත.

Chandana Sirimalwatte :