කුසල් ජනිත්, පාදයේ ආබාධය නිසා ද.අප්‍රිකා තරගවලින් ඉවතට!

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව පැවැත්වෙන ක්‍රිකට් තරග සංචාරයේ ඉදිරි තරග සඳහා කුසල් ජනිත් පෙරේරා සහභාගි නොවන බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර ඇත.

තෙවැනි එක්දින තරගය අතරතුර පන්දු රැකීමේදී පාදයේ ආබාධයකට ලක්වූ ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයකු දකුණු අප්‍රිකාව බලා නොයනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත එක්දින තරග 2 සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතය ඊයේ(11දා) ප්‍රකාශයට පත්කරණ ලදී. ඒ අනුව ඒඩ්න් මාක්‍රම්, ජේ.පී.ඩුමිනි හා හෂීම් අම්ලා යන ක්‍රීඩකයන් එක්දින සංචිතයට නැවත එක්කර තිබේ. මින් පෙර තරග 3 සඳහා සහභාගී වී සැලකිය යුතු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස්ට හා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මුල්ඩර්ට එක්දින සංචිතයෙන් ඉවත් කර ඇත.

Chandana Sirimalwatte :