தமிழ்
English
Contact
Monday 6th May 2019    
ඇමතිවරු ගණන 32ක් කිරීමේ නීති වෙට්ටුවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිවරු ගණන 32ක් කිරීමේ නීති වෙට්ටුවක්!



ආණ්ඩුවට ඇමති තනතුරු ලබාදීමේදී 30 සීමාව ඉක්මවන්නට නොහැකි තත්වයක් උද්ගතව ඇති නිසා ව්‍යවස්ථාවෙන්ම ඊට වංගු ගැසීමේ උත්සාහයක් ගනිමින් සිටින බව අනාවරණය වී තිබේ.

2015 යහපාලන හවුල විිසින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන බවට පුරාජේරු කතා කියමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව තනි ආණ්ඩුවක සිටිය හැකි කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කි. ආණ්ඩුව දැන් කටයුතු කරමින් සිටින්නේ එ.ජ.නි.ස. මන්ත්‍රිවරු ආණ්ඩුවට කැදවාගෙන ඇමතිකම් දී බලය තහවුරු කරගන්නට බැවින් ඇමතිවරු 30 දෙනාට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අයත්ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම නීති ගැටලුව මතුකර ඇත. එවැනි නීති ගැටයකින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඇමති තනතුරු 2ක් වැඩිකරගන්නටය.

ඒ අරමුනින් තනි ආණ්ඩුවක සිටිය හැකි ඇමැතිවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින තත්ත්වය පැහැදිලි කර දෙන්නැයි ආණ්ඩුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත. ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ජනාධිපති අගමැති සමඟ තවත් ඇමැතිවරුන් 28 දෙනකුගෙන් සමන්විත මුළු කැබිනට් මණ්ඩලය 30 දෙනකු විය යුතු වන බවය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැර කැබිනට් ඇමැතිවරුන් 30 දෙනකුගෙන් ඇමැති මණ්ඩලය සමන්විත විය යුතු බවය.