தமிழ்
English
Contact
Monday 6th May 2019    
ඇමතිවරු 30ට වැඩි වුණොත් පොහොට්ටුව අධිකරණයට යනවලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිවරු 30ට වැඩි වුණොත් පොහොට්ටුව අධිකරණයට යනවලු



කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව 30 පසුකර යෑමට උත්සාහ කළහොත් ආණ්ඩුවට එරෙහිව අධිකරණයට යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

අමාත්‍ය ධුර ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩු පක්ෂයත් සමඟ එකතුවූ පිරිසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පණිවිඩයක් දුන් බවත් ඔහු පවසා ඇත.

රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ ද්විත්ව පුරවැසිභාවය ගැන තොරතුරු ද අනාවරණය කර ගෙන ඇති බැවින් එම කරුණු මුල් කරගෙනද අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවයි.