தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ඇමති වජිරගේ පුත්‍රයා වන රක්ෂිතයක් වනසයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමති වජිරගේ පුත්‍රයා වන රක්ෂිතයක් වනසයි!



ඇමති වජිර අබේවර්ධනගේ පුත්‍රයා විසින් කැකිරාවේ වන රක්ෂියක ගස් කපා දමා විහාරස්ථානයක් ඉදිකිරීමට කටයුතුකරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

කැකිරාවේ කහල්ල රක්ෂිත වනයේ අක්කරයක පමණ විශාල භූමි ප්‍රදේශයක් මෙසේ සම්පූර්ණයෙන් විනාශ කර කිසියම් ඉදිකිරීමකට සූදානම් කර ඇති බවද කුසලා සරෝජිනි නමැති නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවක්ද මෙම ස්ථානයට පැමිණි බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. වන රක්ෂිතය තුළ වාකිරීමට කටයුතු කරන ගොවි ජනයා අධිකරණය හමුවට පමුණුවා දස දහස් ගණනින් දඩ නියම කරන වනසංරක්ෂන නිලධාරින් මේ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැති බවද ප්‍රදේශවාසින්ගේ චෝදනාව වී තිබේ.