සිංහරාජ මායිමේ, කුඩුමිරිය වන විනාශය ගැන බලධාරින් නිහඩය!
Posted on 10.08.2018 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන කුඩූමීරිය රක්ෂිතයට මායිම්ව ඇති වනාන්තරය තුළ කිසිදු අවසරයකින් තොරව සිදු කරන මෙම කැලෑ එලිකිරිම හා මහා පරිමාණ වල්ලාපට්ටා ජාවාරම ප්‍රසිද්ධියේ සිදු කරමින් සිටි.
මෙම ජාවාරම්කරුවන් විසින් ගස් විනාශ කිරිම සදහා අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් ගස් විනාශ කිරිම ආරම්භ කර ඇත. මේ සම්බන්ව කලවාන පොලිස් ස්ථානයට පැමිණිලි කලද අද වන තුරු කිසිදු නිලධාරියෙකු මේ පිළිබද සොයා බලන්නට පැමිණ නැත. මෙහි ඇති වඩාත අවදානම නම් මෙ වනාන්තරය ජල උල්පත් මගින් ජලය ලබා ගන්නා පිරිසට ජලය ලබා ගැනිමට නොහැකි වීමය. අධික විෂ රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වී ඇත. මේ සම්බන්ධව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කලත් ඔහුද කිසිදු පියවරක් ගෙන නොමැත. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කලවාන අඩවි වන කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය ආදි සියලු රාජ්‍ය ආයතන දැනුවත් කළද මෙ වන විනාශයට විරුද්ධව එම වගකිව යුතු නිලධාරීන් අනුගමනය කරන නිහඩ පිලිවෙත පුදුම සහගතය.