Posted on 01.02.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබා දීමට ඊයේ (1) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.
එක් අයකුට රුපියල් මිලියනයක් බැගින් වු මුදල් ඇප දෙකක් සහ එක් අයකුට රුපියල් මිලියන 2 බැගින් වු ශරීර ඇප 4 ක් මත ඔවුන්ට ඇප ලැබී තිබේ.
ඔවුන් දෙදෙනාට විදෙස් ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමේදී හැඳුනුම්පත් ඡායා පිටපත් ඉදිරිපත් කරන ලෙසද,සෑම මසකම අවසන් ඉරිදා 9 සහ12 අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටිය යුතු බවටද නියෝග කළාය.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට නොගැනීම නඩු කටයුතු වලට බාධාවක් වන හෙයින් හා සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සළකා බලමින් මෙලෙස ඔවුනට ඇප නියම කෙරුණු බව සඳහන් විය.
පසුගිය පෙබරවාරි 4 වැනිදා මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.