Posted on 10.07.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ නගරයේ කසළ බැහැර කරලීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ මණ්ඩලයට ලබාදෙන මුදල වැඩි නොකරන ලද බැවින් ඊයේ (06) සිට කොළඹ නගරයේ කසළ භාරගැනීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
කොළඹ නගර සභා ආරංචිමාර්ග සදහන් කරන ආකාරයට, ගෙවීම් සම්බන්ධ ගැටලුවක් හේතුකර ගෙන නගරයේ කැලි කසල මේට්‍රික් ටොන් 1200ක් පමණ ගොඩගැසී බරපතල පාරිසරික ගැටලුවක් මතුවී ඇත. මේ සම්බන්ධ විසඳුමක් ලෙස, පසුගිය වසරේ පමණක් පහත්බිම් මණ්ඩලයට නගරයේ කැලි කසල බැහැර කිරීම සඳහා රුපියල් මිලියන 525ක් ලබා දී ඇති අතර, තවත් රුපියල් මිලියන 207ක් ඔවුන් ඉල්ලා ඇති බවද කොළඹ නගර සභා ආරංචි හෙළි කරයි.