தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
විරෝධතා කිසිත් නොතකා බස් රථ ප්‍රමුඛතා මංතීරු හෙට සිට ක්‍රියාත්මකයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විරෝධතා කිසිත් නොතකා බස් රථ ප්‍රමුඛතා මංතීරු හෙට සිට ක්‍රියාත්මකයි



කොළඹ නගරය තුළ බස්රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රමය සම්බන්ධ විරෝධතා ගණනාවක් තිබියදී හෙට (15) සිට ක්‍රියාත්මක කිරීමට මහ නගර සහ බස්නාහිර සංවර්ධන කටයුතු අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙම නව ක්‍රමය හදුන්වාදීමක් මින් පෙර වරින්වර නාගරික ප්‍රදේශවල දියත් කෙරුන අතර සම්පූරන්යෙන් එය ක්‍රියාවට යෙදවීමේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 6.00ට මොරටුව කුරුස හන්දියේදී ආරම්භ කිරීමට නියමිතය. හෙට සිට පෙරවරු 6 සිට 9 දක්වා මොරටුව සහ කොළඹ දක්වාත් කොළඹ සිට බත්තරමුල්ල දක්වාත් ඇති මංතීරු තුනකින් යුතු මහා මාර්ග වල පෞද්ගලික, ලංගම බස් රථ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ සඳහා මෙම ප්‍රමුඛතා මං තීරුව වෙන් කෙරෙනු ඇත.කෙසේවෙතත් මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය සම්බන්ධයෙන් තමන්ට සෑහිමකට පත්විය නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න පවසනුයේ ඒ සම්බන්ධයෙන් මේ තාක් බස් හිමියන් නිසි පරිදි දැනුවත් කොට නොමැති බවය. නාගරික රථවාහන තදබදය අඩු කිරීම සඳහා මින් පෙර විවිධ අවස්ථාවල විවිධ යෝජනා අවධානයට ලක් වුවද ඒවා නිසි ආකාරයෙන් අවධානයට ගෙන නොමැති තත්වයක් තුළ හෙට සිට ක්‍රියාත්මක වන මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය තුළින් තවත් අතිරේක ප්‍රශ්න ගණනාවක් පැන නැගිය ඇති බවට අදහස් පළ වෙමින් පවතී.