Posted on 12.25.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පිටකොටුව මැනිං වෙළඳපොළ පිහිටි භූමිය තුළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිත බැවින්, එම වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් වෙමින් තිබෙන බව දැනගන්නට අැත.
තොග වෙළදාමට සුදුසු වෙළද මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා පෑලියගොඩ ප්‍රදේශයේ වෙන්කරන ලද භූමිය සංවර්ධනය කිරීමේ හා එහි ටැඹ අත්තිවාරම් ඉදි කිරීමේ කාර්යයන් අවසන් වීමට ආසන්න බව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් නිවේදනය කර තිබේ. මීළගට ඒහි අවශ්‍ය වෙළදසල් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 4,507ක වටිනාකම අැති කොන්ත්‍රාත්තුව සුදුසු ඉදිකිරීම් සමාගමකට පවරන්නට අාණ්ඩුව සූදානමින් සිටී.