தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ඉතාලියේ බ්‍රෙෂියා නගරවාසීන් අන්තවාදී ප‍්‍රහාරය හෙලා දකී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉතාලියේ බ්‍රෙෂියා නගරවාසීන් අන්තවාදී ප‍්‍රහාරය හෙලා දකී!



අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා ලංකාවේ සිදුවූ මෙම අන්තවාදී ම්ලේච්ඡ ක‍්‍රියාව හෙලා දකින්නටත්
ඒ මහා ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව වෙත ශෝකය ප‍්‍රකාශ කරන්නටත් ඔවුන් වෙත තම සහයෝගීතාවය පලකරන්නටත් අපේ‍්‍රල් මස 24 වෙනි බදාදා ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ විරෝධතාවයක් පැවැත්විණි.

ලාකංකියන් රැසක් විවිධ ජාතික අනන්‍යති සහිත ජනයා සමග එක්ව ජීවත්වන බ්‍රෙෂියා නගරයේදී “අන්තවාදයට ඉඩ නොදෙමු, ජන ඝාතන වලකමු, මනුෂ්‍යත්වයට පණ දෙමු!“ යන තේමාව යටතේ පැවැත්වූ මෙම විරෝධතාවයට විශාල පිරිසක් එකතු වූහ. ඔවුන්ගේ නියෝජිතයන් අදහස් දක්වමින් ලාංකීය ජනතාව වෙත ඔවුන්ගේ සහෝදරත්වය පළකර සිටියා. මේ ඛේදවාචකය කණ වැකුණු මොහොතේ සිට අප සමග කතාබහ කර ඔවුන්ගේ කනගාටුව ප‍්‍රකාශ කරන අතරම මෙවන් විරෝධතාවක් සංවිධානය කරන්නට සී.ජී.අයි.එල්. (වෘත්තීය සමිති) ආයතනය, බ්‍රෙෂියා මුස්ලිම් සංවිධාන හා දේවස්ථාන හා පූජකවරුන් ෆාබි නම් විදේශිකයන්ගේ සංවිධාන එකමුතුව, අයිතිවාසිකම් සැමට (රයිට් ෆො  ඕල්) සංවිධානය ඔන්ද දුර්තෝ ගුවන් විදුලි ආයතනය, බ්‍රෙෂියා නගර සභාව නියෝජනය කරමින් නාගරික මන්ත‍්‍රී මාර්කෝ ෆෙනරෝලි ඇතුළු විවිධ පිරිස් සමග ලාංකීය සහෝදර සහෝදරියන් එක්වූහ.

විශේෂයෙන්ම බ්‍රෙෂියා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන සංවිධායක ජමාල් ප්‍රකාශ කර සිටියේ  අන්තවාදීන් යනු මනුෂ්‍ය කොට්ඨාසයක් නොව ඔවුන් සත්ව කොට්ඨාසයක්ද  නොවන විසබීජයක් ලෙස ක්‍රියා කරන පිරිසක් ලෙසයි.

“විසබීජවලට පාටක් ජාතියක් ආගමක් නැත. විසබීජයේ ප්‍රධාන අරමුණ විනාශයයි. මුස්ලිම් ජන ප්‍රජාව අනිත් මිනිසුන් සමග සමගියෙන් සාමයෙන් ජීවත් වීමට කැමති පිරිසක්. ඒ අතර සිටින සුළු පිරිසක් විසින් මෙවන් විපත් කාරි විනාශකාරී දේවල් සිදු කරනවා. බහුතර මුස්ලිම් ජන ප්‍රජාව මේව අනුමත කරන්නේ  නැහැ. අපි මේවා ප්‍රතික්ෂේප කරනවා. ත්‍රස්තවාදීන් යනු අන්ධයන් පිරිසකි. ඔවුන්ට ජාතියක් නැහැ. ඔවුන්ට ආගමක් නැහැ. ඔවුන්ට මනුෂ්‍යත්වයක් නැහැ අපි සාමකාමී මිනිස්සු, ආගම අපිට මඟ පෙන්වනවා, අපි සාමයෙන් ජීවත් වෙනවා,  අපේ හඬ අපේ එකමුතුකම පහළ වැටුණු වෙලාවට තමයි ඔවුන් නැගී සිටින්නේ. අපි බ්‍රේෂියාවල ජීවත්වෙන මුස්ලිම් ජන ප්‍රජාව අපිට මේ වේදනාව දැනෙනවා. මොකද අපි මිනිස්සු, අපි සහෝදරයෝ, මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක් ව මරන්න බැහැ, මේක සෙල්ලමක්, මිනිස්සුන්ට මිනිස්සුන්ව මරලා නිදහසක් හොයන්න බැහැ, අපි ඉස්සරහ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේවා කොහොමද වෙන්නේ  එ්ක තමයි අපිට තියෙන ප්‍රශ්නෙ. අපි හැම කෙනෙක්ම  එකසේ හඬ නගන්න ඕන මේකට විරුද්ධව.  අවසාන වශයෙන් නැවතත් මං අපේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. විපතට පත් ජනතාව වෙනුවෙන් අපි යාඥා කරනවා. අපි හැමෝම එකතුවෙමු ත්‍රස්තවාදයට එරෙහිව.“