தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර කම්හලක් - DailyMail | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර කම්හලක් – DailyMail



පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් ඒල්ලකළ ප්‍රහාරවලට සඳහා යොදා ගත් බෝම්බ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවකදී නිපදවන්නට ඇති බවට බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පතේ වෙබ් අඩවිය සදහන කරයි.

පසුගියදා කොළඹ සුපිරි හෝටල්යයක මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ අයෙකුට අයත් බවට සැලකෙන මෙම තඹ කර්මාන්ත ශාලාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරක ‌ෙබෝම්බ නිෂ්පාදනය කළ බවට සැකකරන බව ඒම පුවත් අඩවිය සදහන් කරයි. තවද මෙම කර්මාන්ත ශාලා හිමිකරුගේ සොහොයුරන් අනෙක් සුපිරි හෝටල් දෙක තුළදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු හෙළිව ඇත.

විමර්ශකයන් විසින් අදාළ කර්මාන්ත ශාලාව පරික්ෂා කළ බවද මරාගෙන මැරෙන බෝම්බය සඳහා ඔවුන් IS සංවිධානය විසින් ප්‍රහාර සදහා යොදා ගන්නා
ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් භාවිතකර ඇති බව වෙබ් අඩවිය වාර්තා කරයි. 2017 වසරේ මැන්චෙස්ටර්හහිදී සහ 2015 වර්ෂයේදී පැරිසියේදී පුපුරුවා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට IS සංවිධානය විසින් යොදා ගනු ලැබුවේද මෙම අමුද්‍රව්‍ය බවද හෙළිව තිබේ.