Posted on 01.02.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.
එම ණය මුදල මුදල් වශයෙන් නොව ,ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇතැයි ද පැවසේ.
මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර තිබේ .
මේ අතර ,චීනයෙන්ද ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණයත් පසුගියදා ලැබුණු අතර ,වසරකින් ආපසු ගෙවීමේ පදනම මත කටාර් රාජ්‍යයෙන් ද ඇමරිකානු ඩොලර් කෝටි 50 ක ණයක් ලැබීමට නියමිතව ඇතැයි වාර්තා වේ.