Posted on 11.27.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
උගන්ඩාවේ ‘කම්පාලා’ අගනුවර පිහිටි එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්'(EXIM) බැංකුවට අත්පත් කරගැනීමට හැකිව තිබේ.
මෙවැන්නක් සිදුව ඇත්තේ 2015 නොවැම්බර් මස උගන්ඩා රජය එම බැංකුවෙන් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 207 ක ණයක් ගෙවාදැමීමට නොහැකිවීම නිසාය. එන්ටෙබ්බේ ගුවන්තොටුපළ පුළුල් කිරීම සඳහා උගන්ඩාවේ යොවේරි මුසවේනි ජනාධිපතිගේ ආණ්ඩුව විසින් වසර 07 ක සහන කාලයක් සහ වසර 20 කින් ගෙවා අවසන් කිරීමේ කොන්දේසිය මත මේ ණය මුදල ලබාගෙන ඇත. නමුත් මේ වනවිටත් උගන්ඩා ආර්ථික ඇද වැටී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මේ ණය මුදල ගෙවාදැමීය නොහැකි තත්වයක් ඇතිව තිබේ.
මුසවේනි පාලනයේ නියෝජිත පිරිසක් චීන රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් මේ ණය කොන්දේසි සංශෝධනය කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත. එසේම චීණ ‘එක්සිම්’ බැංකුව මේ ණය කොන්දේසි වෙනස් කිරීමට එකඟ නොවන නිසා එන්ටැබේ ගුවන්තොටුපළ සහ එහි සියළු දේපොළ චීන බැංකුවට පවරා ගැනීමට හැකිව තිබේ.
මේ ආකාරයට විවිධ රාජ්‍යයන් ණය බරකට ඇද දැමීම තත්වය සම්බන්ධයෙන් මින් පෙර චීකයට විවචෙන එල්ල විය. විශේෂයෙන් ලෝකයේ ආර්ථික සම්පත් කොල්ල කෑමේදී චීනය සමග තරග කරන එක්සත් ජනපදය විසින් පසුගිය කාලයේ චෝදනා නගන ලද්දේ ‘ලංකාව’ වැනි රාජ්‍යයන්ට ණය දෙමින් ණය උගුලක හසුකර ගැනීමට චීනය කටයුතු කරන බවයි.
2020 මහ බැංකු වාර්තාවට අනුව චීනයේ EXIM බැංකුවෙන් ලංකාවේ මහින්ද රාජපක්ෂ පාලනයේ සිට වත්මන් ගෝඨාභය පාලනය දක්වා ගත් ණය පියවීමට ඇති වටිනාකම රුපියල් මිලියන 528,423 කි.