Posted on 12.18.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews)ආණ්ඩු කිහිපයක වැරදි පිළිවෙත් හේතුවෙන්, මතුව ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා චීනය , ජපානය සහ රුසියාව යන රටවලින් ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ .
මේ ආකාරයට සහන පදනමෙන් ණය ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමට ප්‍රකාශ කර ඇත .
ඔහු වැඩිදුරට පවසන්නේ ඉන්දියානු සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල අත් වූ බවත් ,ඇමරිකානු ඩොලර් කෝටි 140 ක පමණ සහනයක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බවත්ය.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරගෙන යන බව මුදල් ඇමතිවරයා සඳහන් කර ඇත.