Posted on 06.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉන්ධන මිල ඉහල නැංවීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ පොදු වැඩපිළිවෙළක එක් සාධකයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ දැක්වෙන ආකායට ඉන්ධන මිල ඉහළ දැමීමට බලපා ඇති හේතු පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂය භාර ඇමතිවරුන්ගෙන් යුතු ජීවන වියදම් කම්ටුව විසින් අවධානය යොමුකර තිබේ.
ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාම ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට බලපෑ එක් හේතුවක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එසේම එම නිවේදනයේ දැක්වෙන්නේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතු බවයි.
එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.
