தமிழ்
English
Contact
Thursday 29th July 2021    
ජනාධිපතිගේ දේශපාලන ප්‍රචාරණය සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිගේ දේශපාලන ප්‍රචාරණය සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ!



ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු හා රාජ්‍ය පාලන කටයුතු සම්බන්ධ ජනතාව අතර යහපත් චිත්‍රයක් ඇති කිරීම අරමුණු කරගෙන ආරම්භ කළ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.

කොළඹ කොටුව, ජනාධිපති මන්දිරය ඉදිරිපිට, පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැඟිල්ලේ බිම් මහලේ පිහිටුවා ඇති මෙම මාධ්‍ය කේන්ද්‍රය, මාධ්‍යවේදීන් 40 දෙනෙකුට එකවර අසුන්ගත හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි අංගෝපාංග රැසකින් සමන්විතය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ හා ජනාධිපති මාධ්‍ය සම්බන්ධිකාරක වැනි නව නිලයන් හරහා මෙම ප්‍රචාරන ක්‍රියාදාමය ආරම්භ කෙරෙනු ඇත. තවද සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී තෝරාගන්නා මාතෘකාවන් තුළ ජනාධිපතිවරයාගෙන්, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් සෘජුව හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව සැලසේ.