Posted on 12.11.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ෆේස්බුක් මගින් ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ අදහස් පළ කළ බවට අත්අඩංගුවට ගත් ඩුබායිහි සේවය කළ ලාංකිකයින් තිදෙනෙකුට එරෙහි චෝදනා ඩුබායි අධිකරණය හමුවේ අද (11) විභාගයට ගෙන ඇත.
ලංකාවේ සිදුවූ පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව පසුගිය මැයි මාසයේ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර ඇති බවට ඔවුන්ට එරෙහිව එරට පොලිසියට පැමිණිලි කර තිබුණි. ඩුබායි හෝටල් සංකීර්ණයක ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි මොවුන් තිදෙනා සම්බන්ධ මෙම චෝදනා එල්කර ඇත්තේ එම හෝටලයේ සේවකයන් විසිනි. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගත් පසුව නවාතැන් ගෙන සිටි ස්ථානවල තිබී ඔවුන්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් යන්ත්‍ර ද විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇත.
ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා සැකකාර ශ්‍රී ලාංකිකයන් තිදෙනා විසින් අද දින අධිකරණයේදී ප්‍රතික්ෂේප කර තිබේ. ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ත්රස්තවාදයට එරෙහි අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ බව ඔවුන් පවසා ඇත. කෙසේවෙතත් ඔවුන් සම්බන්ධ අධිකරණ තීන්දුව දෙසැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට ඩුබායි අධිකරණය දින නියමකර ඇත.