Posted on 01.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඊ.ටී.අයි අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊ.ටී.අයි තැන්පතුකරුවන් කර තිබූ තැන්පතු වලින් ,රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධීව ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ නීති නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.ටී.අයි. අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයින් ලෙස ක්රියාකළ අසංක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ සහ අන්ජලී දීපා එදිරිසිංහ යන තිදෙනා බව පොලිසිය පවසයි.