Posted on 03.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මහතාගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණු දෙදෙනා එම ප්‍රහාරය සාර්ථක කර ගැනීම සඳහා රුපියල් කෝටිතුනකට අධික මුදලක් වැය කර ඇතැයිද තොරතුරු හෙළි වී තිබෙන බවද ඔහු කීය.
ඇමති වීරසේකර විසින් මේ අදහස් පළ කළේ පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලන කාර්යාලයේ අද (18 ) විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේදී ය.