උතුරේ නියඟයෙන් ලක්ෂ 6 ක් පීඩාවට

උතුරු පළාතට බලපා ඇති නියඟය හේතුවෙන් දිසා 11 ක ලක්ෂ 6 ට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම නිසා අනුරාධපුර, පොළොන්නරුව, කිළිනොච්චිය, මන්නාරම, යාපනය, වව්නියාව, මඩකලපුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව ඇත.

මේ අතරින් වැඩිම හානියක් සිදුව ඇති කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 22498ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ 19788 ක් විපතට පත්ව තිබේ.

මෙම පළාත්වල වැව්, ළිං, සහ ජල උල්පත් සිඳී යාම නිසා ජනතාවට පානීය ජලය සපයාගැනීමේ විශාල ප්‍රශ්නයක් උද්ගතව ඇත.

සමහර පළාත්වලට බවුසර් මගින් ජලය ලැබෙන මුත් ජලය රැස්කර ගැනීමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් පානීය ජාල ගැටලුව උග්‍ර වී ඇති බව පැවසේ.

මේ ප්‍රදේශවල ජනතාවට අමතරව සතුන්ද ජලය නොමැතිකම නිසා පීඩා විඳිති.

Sithara Sajeewani :