බ්‍රසීල ජාතික කෞතුකාගාරය ඊයේ සවස ඇතිව හදිසි ගින්නකින් විනාශවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයති. 10 වන සියවසේ සිට පැවැති කෞතුකභාණ්ඩ හා තවත් වටිනා දේවල් රාශියක් මෙම හදිසි ගන්නට හසුව පිලිස්සී ඇති බව එහි නියෝජ්‍ය කෞතුකාගාර ප්‍රධානී පවසා තිබේ.
රියෝද ජැනෙයිරෝ නගරයේ පිහිටි මෙම කෞතුකාගාරයේ අලුත්වැඩියා කටයුතු සදහා ළගදීඹ වෙනත් ස්ථානයකට මෙමඑෛතිහාසික විටිනාකමින් යුත් පුරා වස්තු ගෙනයාමට සැපසුම්කර තිබී ඇතත් ඊට පෙර හදිසියේ ගිනි ගැනීඹ හේතු වෙන් මෙම විනාශය සිදුව ඇති බව වාර්තාවේ.
10 වන සියවසේ ඉදිකර ඇති මෙම පැරණි ගොඩනැගිල්ලේ ඇතුලත සම්පූර්ණයෙන්ම වටිනා දැවයෙන් සකස් කර ඇති බවත් ඒ හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ගොඩනැගිල්ලේ ඇතුලත තිබූ සියලු දේවල් විනාශවී ඇති බව වාර්තාවේ.
වසර දහස් ගණනකට අයත් මිලියන විස්සකට වැඩි කෞතුක වස්තූන් ප්‍රමාණය මෙම ජාතික කෞතුකාගාරයේ තිබූ ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසති. මෙය ඇමෙරිකාවේ පැවැති පැරණිතම හා විශාලතම කෞාතුකාගාර අතරින් එකකි.