2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙන අතර හෙට එම ප්‍රතිපල විදුහල්පතිවරුන් මගින් පාසල් වෙත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට විභාග ප්‍රතිපල ඇතුළත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් තිබෙන බවත් අද රාත්‍රයේ එම වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.