தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
උසාවි ගොස් ජනතා පරමාධිපත්‍යට අභියෝග කිරීම වැරදියි - මහින්ද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උසාවි ගොස් ජනතා පරමාධිපත්‍යට අභියෝග කිරීම වැරදියි – මහින්ද



ජනතා පරමාධිපත්‍ය අධිකරණයට ගොස් අභියෝගයට ලක් කිරීම සම්පුරණයෙන් වැරදි ක්‍රියාවක් බව මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

කොළඹ පිහිටි සිය නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණි.

ඔහු පවසා තිබුණේ “අපි ගත හැම ක්‍රියාමාර්ගයක්ම හරිද වැරදිද කියලා අවසානයේ තීන්දු කරන්නේ ජනතාවයි. ඒ පරම අයිතිය තියෙන්නේ ජනතාවටයි. ඒ අයිතිය අධිකරණයට ගොස් අභියෝගයට ලක් කරනවානම් එය සම්පූර්ණ වැරදියි.”

එසේම ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන මැතිවරණයකට ගියාම ඊට බිය ඇයි කියලා තමන්ට නොතේරෙන බව මහින්ද රාජපක්ෂ මෙහිදී පවසා තිබුණි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැතිවරණයක් තුළින් ජනතාවගේ පරමාධිපත්‍ය ලබාදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වෙන්නේ කෙසේද යන්න මම ජාත්‍යන්තරයෙන් විමසන බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. නමුත් මහින්ද රාජපක්ෂට වාසි සහගත තත්ත්වයකි. එබැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වුවද එයට එරෙහිවන්නන්ට ප්‍රජාතන්ත්‍ර විරෝධී ලේබල් ඇලවීම මහින්ද සිදුකරමින් සිටියි.