தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
පාර්ලිමේන්තුව කල් තබන්න කථානායකගේ අවසර ඕන නෑ - ජී. එල්. පීරිස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුව කල් තබන්න කථානායකගේ අවසර ඕන නෑ – ජී. එල්. පීරිස්



පාර්ලිමේන්තුව කල් දැමීම සඳහා කථානායකවරයාගේ අවසරය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජී. එල්. පීරිස් පවසා තිබේ.

ඔහු පවසන්නේ මේ රටේ පළාත් සභා තුනක ජන්දය කල් දමන තුරු කථානායකවරයා කුමක් කළේදැයි යන ප්‍රශ්නය පවතින බවත් කථානායකවරයා එහිදී ව්‍යවස්ථාවය පැහැදිලි ලෙස උල්ලංඝනය කළ බවයි.

එසේම පාර්ලිමේන්තුව වාරාවසාන කර නොවැම්බර් 16 දක්වා කල්තබා ඇත්තේ අතුරු සම්මත ගිණුමක් සකස් කර ගැනීමට බවත් ජී. එල්. පීරිස් පවසා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුව කල් දැමීම සිදුවිය යුත්තේ කථානායකවරයාගේ ද අනුදැනුම ඇතිවයි. එසේම ජී. එල්. පීරිස් ඉදිරිපත් කරන තර්කවල පදනම වන්නේ පාර්ලිමේන්තුව කල් දැමීම, අගමැතිවරයා පත්කිරීම යන සියල්ල ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරමින් ලෙස සිදු කළ බවයි. එය අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කිරීමකි. ඔවුන්ගේ එකතුවෙන් නිර්මාණය වෙන පාලනයේ ස්වභාවය මේ අනුව පැහැදිලිය.