தமிழ்
English
Contact
Sunday 5th May 2019    
එකගව තිබූ ඉන්දු - පකිස්ථාන් සාකච්ඡා ඇනහිටී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එකගව තිබූ ඉන්දු – පකිස්ථාන් සාකච්ඡා ඇනහිටී



පකිස්ථාන නව අගමැතිවරයා වන ඉම්රාන් ඛාන්ගේ ආරාධනයෙන් පසුව ඉන්දීය හා පකිස්ථානය  විදේශ ඇමැති කුරෙසි හා ඉන්දියානු විදේස ඇමැතිනි ස්වරාජ් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබුනි.

හදිසියේම එම හමුව අවලංගු කිරීමට ඉන්දියානු පාර්ශ්වයෙන් තීරණ කිරීමත් සමග පකිස්ථාන අගමැතිවරයා ඉන්දියාවේ මේ තීරණයට දොස් පවරා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ ඇති ’උඩගුකම’ මෙසේ සාකච්ඡා නැවැත්වීමට හේතුවී ඇති බව ඉම්රාන් ඛාන් අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡා නැවැත්වීම පිළිබදව ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් බීපින් රාවට් පවසා ඇත්තේ සාකච්ඡා හා ත්‍රස්තවාදය එකට කළ නොහැකි බවයි.

ඉන්දියාව ජම්මු හා කාෂ්මීර්වල මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවට පකිස්ථානය චෝදනා කරන අතර ඉන්දියාව චෝදනා කරන්නේ පකිස්ථානය ත්‍රස්තවාදයට පහසුකම් සපයන රටක් ලෙසය.

වසර ගණනාවක සිට දෙපාර්ශ්වය අතර මෙවැනි ප්‍රතිවිරෝධතා මධ්‍යයේ සාකච්ඡා පැවතියක් මෙවර සාකච්ඡා හදිසියේම නවතා දැමීමට මෝඩි පාලනය කටයුතු කර තිබේ.