தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
සාමකාමී වෙන්න - චීනය සහ එක්සත් ජනපදය ඉන්දියාවට හා පාකිස්ථානයට කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සාමකාමී වෙන්න – චීනය සහ එක්සත් ජනපදය ඉන්දියාවට හා පාකිස්ථානයට කියයි



ගැටුම්කාරී තත්වයකට පත් නොවී සාමකාමි ලෙස ගැටලු විසදාගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදය හා චීනය විසින් ප්‍රකාශ නිකුත් කරමින් ඉන්දිය රජයට හා පාකිස්ථාන රජයට දන්වා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

කාශ්මිරයේදී ඉන්දිය භට පිරිසක් ඝාතනය කළ ත්‍රස්තවාදීන් පාකිස්ථානයේ සිටින බව පවසමින් ඉන්දියානු ගුවන් ප්‍රහාරයක් පසුගියදා ක්‍රියාත්මක වූ අතර එයට පිළිතුරු ලෙස ඉන්දිය ගුවන් යානා දෙකක් පහරදී බිම හෙලූ බව පාකිස්ථානය කියයි. මෙසේ බිම හෙළන ලද ගුවන් යානාවල නියමුවන් තමන් අත්අඩංගුවට ගත් බව පාකිස්ථානය පවසයි. ඉන්දිය ගුවන් ප්‍රහාරවලට මුහුණ දෙන්නට ශක්තිය ඇති බව පෙන්වීම සදහා මෙම යානා පාකිස්ථාන ගුවන්සීමාවේදී බිම හෙලු බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් නිවේදනය කළේය. ඉන්දිය ප්‍රහාරවලට වඩා යුද්ධයක් කරා යාම වැළැක්වීමට නම් ඉන්දියාව සාකච්ඡාවකදී හමු වියයුතු බව අවධාරනය කරමින් පාකිස්ථාන අගමැතිවරයා පවසන්නේ යුද්ධයක් ඇති වුවහොත් දෙරට අගමැතිවරුන්ට එය පාලනය කළ හැකි නොවනු ඇති බවය.