රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේනම් සජිත් ප්‍රේමදාස මහතා එහි නායකත්වයට පත්විය විය යුතුයැයි පාක්ෂිකයන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශතවර්ෂ කාලකට ආසන්න ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වය දැරූ බවත්, එසේම ජයග්‍රහණය කිරීමට අවශ්‍යනම් ජනතා හඬට කන් දිය යුතු බවත් මරික්කාර් මෙහිදී පැවසීය.
එසේම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ සහ පසුපෙළ සියලු පාර්ශවවල අරමුණ රනිල් ජනපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද මහත්මිය ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේදී පවසා තිබුණි.
මෙම ප්‍රකාශ හරහා නැවතත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස පාර්ශවය අතර නායකත්ව පිළිබඳ ගැටුම උග්‍ර වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව පෙනේ.