එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් හයදෙනෙකු පත්කිරීම ඊයේ(11) අරලියගහ මන්දිරයේදී සිදුව තිබේ. මේ අතරට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ද ඇතුළත් වේ.
ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලලිත් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලෙසත් පලාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිලිණ බන්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක ලෙසත් පත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මීගමුව ආසන සංවිදායක ලෙසත් ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක දඹදෙනිය ආසන සංවිදායක ලෙසත් මංජුල බණ්ඩාර වාරියපොල ආසන සංවිධායක ලෙසත් උදය විජේනායක හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කරනු ලැබිය.