එජාප සන්ධානයට පිළිතුරු ලෙස මෛත්‍රී, මහින්ද සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩ නගන නව සන්ධානයේ ව්‍යවස්ථාව මෙතෙක් නිර්මාණය කර නොමැති බව මහින්ද රාජපක්ෂ පවසයි.

එසේම ඊයේ පවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම පැවසුවේ දැනට පවතින ලාංඡනයෙන් බැහැරව නව පොදු ලකුණක් යටතේ නව සන්ධානයක් ගොඩනැගීමට අදහසක් නොමැති බවයි.

ඒ සඳහා දෙපාර්ශවය අතර පවතී සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර පළමුව මූලික එකඟතාවයක් ඇතිකරගත යුතු බවට තීරණය වූ බවද ඔහු පවසයි.

Sithara Sajeewani :