Posted on 10.02.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඒක පුද්ගල ආදායම අනුව ලංකාව තවදුරටත් දිළිදු රටක් නොවන බවත් දියුණු රටවල් ලෙස සැලකිය හැකි රටවල් අතරට ගැනෙන තත්වයක් ඇතිව තිබෙන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අැමති පාඨලී චම්පික රණවක පවසයි.
ඊයේ (01) පැවති උත්සවයකදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් කොටසක් මෙසේය.
‘‘මේ රට අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් හැටියට සමහරු තවමත් සලකනවා. ඒ වුණත් මේ රටේ සමාජ යාථාර්ථය අරගෙන බැලුවම ඒක එහෙම නෙමෙයි කියලා අපි කාටත් පෙනෙන කාරණයක්. නව මිනුම් දඩු අනුව ගත්තම ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13,000ක් වෙනවා. මේක ලොකු අගයක්. අපේ කලාපයේ විශාලම ඒකපුද්ගල ආදායම් අගය එයයි. අනෙක් පැත්තෙන් මිලදී ගැනීමේ හැකියාවබැලුවම ලෝකයේ දියුණු රටක් කියලා හිතෙන තරම් විශාල අගයක්.. මේ රටේ දුප්පත් කියලා කියන්න පුළුවන් අන්ත දුප්පතුන් පිරිස 6% කටත් වඩා අඩුයි. ඒ නිසා මේ රටේ උගතුන් අතර පමණයි විරැකියාව තිබෙන්නේ. අද විරැකියාව 4% දක්වා අඩුවෙලා. අපේ ආර්ථිකය ගමන්කරන දිශානතිය බැලුවම ඒක ලොකු ජයග‍්‍රහණයක්.”