Posted on 01.15.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් 160 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර ඒ බව තහවුරු කර තිබේ.
ඔහු සඳහන් කළේ අදාළ ආසාදිතයින් පිරිස එම විශ්වවිද්‍යාලයේ රසායනාගාරය මගින් සිදුකළ පර්යේෂණ තුළින් හඳුනාගත් බවය.
ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 208 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.