Posted on 12.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම කාන්තාව නයිජීරියාවේ පැවති සමුළුවකට සහභාගී වී නැවත සිය සැමියා සමඟ මෙරටට පැමිණීමේදී සිදුකළ PCR පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිත බව තහවුරුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභපති උපුල් රෝහණ පවසයි. ඉන්පසු එම කාන්තාව ලුනාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් පසුව නිවෙස බලාත් ගොස් තිබේ.
එහෙත් මේ විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසදිතව සිටින බව හෝ නිවසේ නිරෝධායනය වෙමින් සිටි බව බිම් මට්ටමේ මහජන පරීක්ෂකවරුන් දැනුවත් කර නොමැති බවද සභාපතිවරයා පවසයි. මේ අනුව අදාළ කාන්තාවගේ ආසාදිතයන් හඳුනාගැනීම ගැටළු සහගත වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.