தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවාට ඇප ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවාට ඇප !



ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඇතුලු නායකයින් ඝාතන ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ.

එයට හේතුව මෙහොමඩ් කමර් නිසාම්ඩීන් නම් මෙම ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර තිබීමයි.

මෙම ශ්‍රී ලාංකික සිසුවා පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු ඔහු සතුව තිබූ සටහන් පොත්වල ඇතුළත්ව තිබූ බවට චෝදනා කරමිනි.