தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ඕස්ටේ්‍රලියා තානාපති කාර්යාලයත් ජෙරුසලමට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඕස්ටේ්‍රලියා තානාපති කාර්යාලයත් ජෙරුසලමට



ඊශ්‍රායෙල් අගනුවර ජෙරුසලම ලෙස පිලිගැනීමට ඕස්ටේ්‍රලියාවද සූදානම් බව එරට අගමැති ස්කොට් මොරිසන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රථමයෙන් ඊශ්‍රායෙල් අගනුවර ටෙල් අවිව්වලින් ඉවත් කිරීමට ඊශ්‍රායලය ගනු ලැබූ තීරණයට එ.ජනපදය සිය සහාය ලබා දෙමින් සිය තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යාමට පසුගියදා කටයුතු කළේය.

ඉන් පසුව එම ක්‍රියාමාර්ගයම ගැනීමට උරුගුවේ රාජ්‍යයද අනුගමනය කළත් පසුව එම අදහස වෙස් කිරීමට උරුගුවේ රාජ්‍ය කටයුතු කළ බව වාර්තාවේ.

ජෙරුසලම නගරය යනු වසර ගණනාවක් තිස්සේ පලස්තීන හා ඊශ්‍රාලය අයිතිය පිළිබදව ගැටළු පවතින මූලිකම ස්ථානයකි.

පලස්තීන ජනතාව විසින් සිය අගනුවර ලෙස ජෙරුසලම සලකන අතර මේ වන විට එම නගරය දෙපාර්ශ්වය විසින් සිය අග නගර ලෙස සලකන බව ප්‍රකාශ කරති.

1948 වසරේ ඊශ්‍රායලය නිර්මාණය කිරිමේ සිට එහි අගනුවර ලෙස පැවැතියේ ටෙල්අවිව්ය. කෙසේ වෙතත් ජෙරුසලම තම අගනුර බවට පත් කිරීමට වත්මන් ඊශ්‍රාලයල් පාලනය කටයුතු කරමින් සිටී.