தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය ඕස්ට්‍රේලියාව පරදවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය ඕස්ට්‍රේලියාව පරදවයි



බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මීර්පුර්හි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 20ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත්විය.

මෙම ජයග්‍රහණයට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට බංග්ලාදේශය හැකිනොවීය. පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය ඉනිම සදහා ලකුණු 260කට දැවීයේය. එම ඉනිම සදහා තමීම් ලකුණු 71ක්ද සහීබ් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා ලකුණු 217 කට දවා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වීමත් සිය පළමු ඉනිම සදහා ලකුණු 43ක වාසියත් සමග සිය දෙවන ඉනිම සදහා ලකුණු 221ක් ලබාගත් අතර ඒ සදහා තමීම් 78ක් ලබා ගැනීමට සමත්විය.

පළමු ඉනිමේ ලකුණු 43ක අවාසියක් සමග ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා ගැනීමට නියමිතව තිබුනේ ලකුණු 265ක් පමණි නමුත් නොසිතූ ලෙස සිය දෙවන ඉනිම 244කට සීමා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත්විය.

මේ අනුව ලකුණු 20ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමත් සමග බංග්ලාදේශයට වසර 17 කට පසු ඕස්ට්‍රේලියාව පරිජය කරන්නට හැකි විය.