Posted on 12.11.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය ක්‍රියත්මක කිරීමට, අදාළ පුද්ගලයන් පිළිබඳ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ ආයතන නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් තීන්දුව ක්‍රියාවට නැංවීම ප්‍රමාද වි ඇති බව ජනාධිපතිවරයා පවසයි. ඒ පිළිබඳ පරික්ෂණයක් ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පවසා තිබුණි.
මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය පිළිබඳ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
සමාජයේ මත ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බවට වන මතය පාවිච්චි කරමින් ජනාධිපතිවරයා මෙම දඬුවම් ලබාදීමට සූදානම් වන බව පෙනිණි. නමුත් ජනාධිපතිවරයාට අවශ්‍ය බව පෙනෙන්නේ එය තමන්ගේ ඇඟේ නොගගෙන ක්‍රියාත්මක කිරීමට බව පෙනේ. බන්ධනාගාර රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදේනම් එය බන්ධනාගාර පරිපාලනය සම්බන්ධ ප්‍රශ්නයකි. ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග වෙනම තිබේ. මරණීය දණ්ඩනය ලබාදීම සඳහා අවසන් තීන්දුව අනුමත කරමින් අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරයා වන බැවින් ඔහුට අවශ්‍ය නම් මරණ දඬුවම ලබාදිය හැකිය. නමුත් මෙලෙස කැමති කැමති පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදෙන්නේ කෙසේද යන ගැටලුව පැන නගියි.