Posted on 12.25.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කම්කරු නිලධාරීන් ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය සේවා කම්කරු සංගමය පවසා තිබේ. ගමන් වියදම් සඳහා ගෙවනු ලබන රුපියල් දස දහසේ දීමනාව මාස කිහිපයකින් නොගෙවීම නිසා මේ තීරණය ගත් බව එම සංගමය පවසයි.
බස්නාහිර, වයඹ, සබරගමුව ඇතුළු පළාත් කිහිපයක මෙම දීමනා මාස කිහිපයකින් ගෙවා නැති අතර වයඹ පළාතේ ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට සහ බස්නාහිර පළාතේ නොවැම්බර් සිට මෙම මුදල් ගෙවා නොමැත. වෘත්තීය සමිති පවසන්නේ මේ දීමනා සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර ඇතත් කම්කරු දෙපාර්තමේන්තුවේ දුර්වල කළමනාකාරිත්වය හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි.
සාමාන්‍යයෙන් සිදුවන්නේ කම්කරු නිලධාරීන් ක්ෂේත්‍ර පරීක්ෂණ රාජකාරි සඳහා තම අතින් වියදම් කොට පසුව එම දීමනාව ඉල්ලීම බැවින් එම මුදල් නොගෙවීම නිසා බොහෝ නිලධාරීන් අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ.