தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය දැක්වූ දෙදෙනෙකු අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය දැක්වූ දෙදෙනෙකු අත්අඩංගුවට!



අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය පළ කරන ජනයා අතුරින් කිහිපදෙනකු ජනධිපති පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරයා සහභාගිවූ රැස්වීමකට බලහත්කාරයෙන් කඩා වැඳීමට සුදානම් වූ දෙදෙනෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (23) පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්.සිල්වා හමුවට ඉදිරිපත් කිරීමේන් පසුව එක් සැකකරුවකුට ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට පොලිසියට නියෝග කළේය.

මෙසේ ඇප නියම වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) ජනාධිපතිවරයා  ග්‍රාම ශක්ති දිස්ත්‍රික් රැස්වීමට සහභාගිව සිටියදී ජනාධිපතිවරයා හමුවන්නැයි ඉල්ලා අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වා විරෝධතාවයේ යෙදී  සිටි පුද්ගලයන් දෙදෙනෙකි.

අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වමින් සිටි පිරිසට මහජන සාමය කඩ නොවන ලෙස උද්ඝෝෂණය සිදුකරන ලෙසට පුත්තලම අධිකරණයෙන් ලබා දී තිබූ නියෝගය කඩ කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අයුතු ජන රාශීයක් ලෙස රැස්වීම , මහජන පීඩා සිදුවන ආකාරයෙන් හැසිරීම , රජයේ නිලධාරියකුගේ අණ පිළි නොගැනීම  හා ප්‍රසිද්ධ රැස්වීමකට සහභාගි වූ පිරිසකට බාධා වන අයුරින් හැසිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.