Posted on 04.15.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
සුඩානයේ විරෝධතාවකට වෙඩිතැබීමෙන් පසුව විරෝධතාකරුවන් 20 දෙනකු මියගිය පසුව විරෝධතාවය මර්දනය කිරීමේදි වෙඩිතබනු ලැබුවේ වැරදීමකින් බවට සුඩාන පොලිසිය පවසන බව විදේශ පුවත් වාර්තා කරයි.
පසුගිය දිනවල සුඩානයේ සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ ඇතැම් දේශපාලන කණ්ඩායම්වලින් විරෝධතා ඇරඹුණු අතර ඔවුන් විසින් රජයේ හා පෞද්ගලික දේපල වලට ද හානි කර තිබිණි. කාටුම් අගනගරයේ වීදී දස දහස් ගණන් විරෝධතාකරුවන්ගෙන් පිරී පැවතුණු බව මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හි පැවති මෙම විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිස් ප්‍රහාර ද එල්ල කිරීම නිසා විශාල පිරිසක් මිය ගිය බවද තවත් සිය ගනනක් තුවාල ලැබු බවද ඒරටින් වාර්තා විය. නිල වාර්තා අනුව මිය ගිය පිරිස 20ක් පමණක් බව කියනු ලැබේ.