Posted on 05.21.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දියගම නව ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වූ මහජන විරෝධය නිසා ආණ්ඩුවේ කුනු ඇපිල්ලීමට උත්සාහ කළ උදය ගමන්පිල, ක්‍රිකට් ආයතනය දුන් ප්‍රතිචාරය නිසා කාණුවට ඇද වැටී ඇත. ඒහිදී සිදුව ඇති වරද සම්බන්ධයෙන් කිසිදු කම්පාවක් නොදක්වා නිදහසට කරුනු කියමින් ඇමති බන්දුල තමන්ට ලණුවක් ගිල්ලවූ බව මාධ්‍යවේදීන්ට පවසා ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට මුදල් වෙන්කරන්නේ ක්‍රිකට් ආයතනයේ ආදායමින් බවට මාධ්‍ය වෙත අදහස් පළකරමින් ආණ්ඩුවට ඒල්ල වූ විරෝධයෙන් ආණ්ඩුව ගලවාගන්නට ගමන්පිල උත්සාහකර ඇත්තේ ඒයින් බන්දුල ගුණවර්ධන අපවාදයට ලක්වෙද්දී දේශපාලන වාසි උපයාගැනීමටය. ඒහෙත් ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් හෝමාගමදී ඉදිකිරීමට යෝජිත නව ක්‍රීඩාංගණය සඳහා සියලු වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරණ අතර ඊට රජයෙන් අරමුදල් භාවිතා නොකරන බව සඳහන් කිරීම නිසා ඇතිවූ අවමානයෙන් මිදීමට ට්විටර් ගිණුම ඔස්සේ කණගාටුව පළ කරමින් ගමන්පිල කියා සිටියේ තමන් කීවේ බන්දුල ගුණවර්ධන පැවසූ දෙයක් බවය. ගම්මන්පිල මන්ත්‍රීවරයා ඒහි සඳහන් කර තිබුණේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම්ව තමා එම ප්‍රකාශය කළ බවයි.