Posted on 06.12.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මහජන නොසන්සුන්තාවයට හේතු වන බරපතල නීතිය හා සාමය උල්ලංඝණය වීමකට තුඩු දෙන තත්වයක් නොමැති නම් පොලීසිය විරෝධතාකරුවන් අත්අඩංගුවට නොගෙන ඊට සම්බන්ධ සියලු දෙනා නිරෝධායනයකට යොමු කරන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව පසුගියදා පැවති විරෝධතාවයයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 53දෙනෙකු අත්අඩංගුවට ගැනීම සහ ඊට එල්ලවූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව කණගාටුව පළකරන බවද ඔහු මෙහිදී පැවසීය. එදින පැවති කැබිනට් රැස්වීමේදී පුළුල් ලෙස මේ පිළිබඳ සාකච්ඡා වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකු පොලිස් ක්‍රියාමාර්ගය අනුමත නොකළ බවද බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.
ඊයේ (11)පැවති සතිපතා කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාව අමතමින් අමාත්‍ය ගුණවර්ධන කියා සිටියේ විරෝධතාකරුවන් පොලීසියට පහර දීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පටන් ගත් බවත් එය විරෝධතාකරුවන් විසින් පොලීසියට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් බවත්ය.
“කෙසේ වෙතත්, යම් විරෝධතාවයක් සාමකාමී නම් මහජන ජීවිතය හා නීතිය හා සාමය කඩාකප්පල් නොකරන්නේ නම් මින්පසුව කිසිවෙකු අත්අඩංගුවට ගන්නෙ නැහැ. අපි යහපාලන රජය වගේ වැඩ කරන්නෙ නැහැ. පොලීසියට අවශ්‍ය වුනේ විරෝධතාකරුවන්ට පහර දීමට නෙමෙයි. ඔවුන් විසුරුවා හැරීමට පමණයි. ”අමාත්‍ය ගුණවර්ධන වැඩිදුරටත් පවසා තිබේ.