Posted on 07.04.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ විශ්ව විද්‍යාලයේ කන්තා නේවාසිකාගාරයක් පවත්වාගෙන යන භූමිය වාණිජ අරමුණක් සඳහා පවරාගැනීමට ආණ්ඩුව සූදානම්වන බව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ චෝදනා කරති.
වසර 25ක් තිස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා වෙන් වූ ‘මුත්තයියා කාන්තා නේවාසිකාගාරය’ මේ ආකාරයෙන් වාණිජ කටයුතු සඳහා පවරාගැනීමේ යෝජනාවකට ආකැබිනට් ඇමතිවරුන්ගේ අනුමැතිය ලබාගෙන ඇත.
මේ කරුණ ගැන විමසා බැලීමේදී උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකර ඇත්තේ මෙම නේවාසිකාගාරය පිහිටි ඉඩම කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක් නොවන බව සහ එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් බවකි. ඇමතිවරයා පවසා ඇත්තේ මෙම නේවාසිකාගාර ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන එහි දැනට නේවාසික ශිෂ්‍යයාවන් තාවකාලිකව වැල්ලවත්තේ හෝටලයක නවාතැන් ලබා දෙන බවය.
කොළඹ විශ්වවිද්‍යාලය විසින් මේ වනවිට වසර 25ක් තිස්සේ භාවිත කළ නේවාසිකාගාර භූමියේ හිමිකාරත්වයේ ගැටලුවක් පවතින බව ඒ් අනුව ඇමතිවරයා පවසයි. උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ අන්දමට කරුණු දක්වමින් පවසන්නේ තමන් වගකිවයුතු උසස් උධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින විශ්ව විද්‍යාල දේපළක් එයින් අහිමි කිරීම දෙසටය.
මේවනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ට නේවාසික පහසුකම් අවම මට්ටමක පවතී. දැනට ශිෂ්‍යයාවන් 450ක් දැනට රැදී සිටින මෙම නේවාසිකාගාර ඉඩම තුළ නව නේවාසිකාගාරයක් ඉදි කරන්නේ නම් විශ්වවිද්‍යාලයේ සියලුම දෙනාට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට හැකිය. එවැනි තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ඉඩම වාණිජ අරමුණු සඳහා අහිමි කිරීමට ඇමතිවරයා ඇතුළු ගෝඨාභය ආණ්ඩුව ගත් තීරණය විශ්ව විද්‍යාල ප්‍රජාවගේ පිළිකුළට හේතු වී ඇත.